16. සමුච්චයවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් සිවු ඇවැතකට පැමිණෙයි: ක්ෂය නොවූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, බෙහෙවින් ක්ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, අඟාළ මියෙහි හඳන් නො පහරමින් පිවිස්වා නම් දුකුළා ඇවැත් වෙයි, ලතුයෙන් කළ නිමිත්තෙහි පචිති ඇවැත් වේ. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
2. ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් භජනය කෙරෙද් ද: සත් වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්ධ යෙන් සඞ්ග්රහ කරණ ලද්දාහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳෙද්ද යත්:
ඒ ඇවැත්හු සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත්තීන් දෙදෙන භජනය කෙරෙත්. සත් වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්ධයෙන් ද, කිසි විටෙක දුෂ්කෘතාපත්තිස්කන්ධයෙන් දැයි සතර ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලද්දාහු ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිත්: කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්.
3. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් මේ එක් ඇවතට පැමිණේ.
4. ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද, සප්තාපත්ති ස්කන්ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්:
ඒ ඇවැත සිවු වැදුරුම් විපත්තීන් අතුරෙන් එක්ම ආචාරවිපත්තිය බෙජේ. සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්ති ස්කන්ධ නම් වූ එක් ආපත්තිස්කන්ධ යෙන් සඞ්ග්රහ කරණ ලදී. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් සමථයන් අතුරෙහි කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳේ.
අටවැනි සමුච්චයවාරය නිමි.
අෂ්ට ප්රත්යය වාරයෝ නිමියහ.
මහාවිහඞ්ගයෙහි සොළොස් මහාවාරයෝ නිමියහ.
මහා විභඞ්ගය ද නිමියේ යි.