14. අධිකරණවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවන අධිකරණ වාරය නිමි.
15. සමථවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතු වෙන් වන ඇවැත්හු සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳේ.
සත්වන සමථවාරය නිමි.