12. සඞ්ගහිතවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ය. ...
2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්ති ස්කන්‍ධ නම් වූ එක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
සතරවන සඞ්ග්‍රහිත වාරය නිමි.
13. සමුට්ඨානවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිද් ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිත්. කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්. ...
2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි, කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
පස්වන සමුට්ඨාන වාරය නිමි.
14. අධිකරණවාරය
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවන අධිකරණ වාරය නිමි.