5. 1. 8.
ප්‍රථමඋපක්ඛටශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි එක්තරා පුරුෂයෙක් භාර්‍ය්‍යාවට උපනන්‍ද හිමියන් සිවුරෙන් ආච්ඡාදනය කරන්නෙමි’ යි. මේ කී ය: එක්තරා පිඬුසිඟා යන මහණෙක් ඒ පුරුෂයා මේ තෙපුල් කියන්න ඇසී ය. ඉක්බිති ඒ මහණ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට ආයුෂ්මත් උපනන්‍දයෙනි, තෙපි මහපින් ඇත්තහු ය. අසෝ පෙදෙසෙහි එක්තරා මිනිසෙක් බිරිඳට “උපනන්‍ද හිමියන් චීවරයෙන් ආච්ඡාදනය කරවන්නෙමි” යි. කී යයි සැළ කෙළේ ය. “ඇවැත්නි, (එබඳු මිනිසෙක්) ඇත. හේ මාගේ උපස්ථායකයෙකැ” යි. උපනන්‍ද තෙර කීය. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ඒ පුරුෂයා වෙත එළඹ “සැබෑවෙක් ද, ඇවැත්නි, තෙපි මා සිවුරකින් ආච්ඡාදනය කරණු කැමැත්තහු දැ?” යි ඇසී ය. “හිමියනි, උපනන්‍ද හිමියන් චීවරයෙකින් ආච්ඡාදනය කරන්නෙමි” යි මට මේ සිත නම් වී යැයි හේ කී ය. “ඉදින් ඇවැත්නි, තෙපි සිවුරෙකින් මා ආච්ඡාදනය කරණු කැමැත්තාහු නම් මෙබඳු සිවුරකින් ආච්ඡාදනය කරවු. යම් සිවුරක් මම් පරිභෝග නො කෙරෙම් නම් ඒ සිවුරින් පුදන ලද්දෙම් නමුදු එයින් මම් කුමක් කෙරෙම් දැ?” යි උපනන්‍ද තෙර කී ය.
2. ඉක්බිති ඒ පුරුෂ ‘මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීකයයෝ මහේච්ඡයෝ ය. අසන්තුෂ්ටයෝ ය, මොවුන් සිවුරකින් පුදන්නට පහසු නො වෙයි. කෙසේ නම් උපනන්‍ද හිමියෝ කලින් මා විසින් නොපවරණ ලද්දාහු මා වෙත එළඹ චීවරයෙහි අධික විධානයට පැමිණෙන්නාහු දැ’ යි අවඥා කෙරෙයි, නුගුණ කියයි, දොස් පහළ කෙරේ: භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසාගේ බස් ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡයෝ ද ඔහු ‘කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නොපවරණ ලද්දාහු, ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ!’ යි. අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙති. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබෑවෙක් ද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලදුයෙහි ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි දැ?’ යි. භාග්‍යවත්හු පුළුවුත්හ. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස’ යි හේ කී ය. “උපනන්‍දය, තාගේ නෑයෙක් ද නො නෑයෙක් දැ?” යි භාග්‍යවත්හු ඇසූහ. ‘නොනෑයෙක භාග්‍යවතුන් වහන්සැ’ යි හේ කී ය. “තුච්ඡ පුරුෂය, නො නෑයෙක් නොනෑයකුට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනියි. තුච්ඡපුරුෂය, එහි නම් තෝ පෙර නො පවරණ ලද්දෙහි නොනෑ ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි. තුච්ඡ පුරුෂය, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදයට හෝ නො වැටෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“මහණක්හු ම උදෙසා නොනෑ ගැහැවියකු විසින් හෝ ගැහැවි දුවක විසින් හෝ මේ සිවුරුමිලයෙන් සිවුරක් මිල දී ගෙණ මෙනම් ඇති මහණහුට දෙන්නෙමි යි සිවුරුමිලයක් සපයන ලද්දේ වේ ද, ඉදින් ඒ මහණ පෙර නො පවරණ ලද්දේ එහි එළඹ ‘ආයුෂ්මත, මේ සිවුරු මිලයෙන් මෙබඳු වූ ද මෙබඳු වූ ද සිවුරක් මිල දී ගෙණ මට දෙව’ යි සොඳුරු බව කැමැති බව රිසි වැ මෙසේ කළහොත් මැනැවැ යි චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ වී නම් නිසැඟිපචිති වේ.”
3. භික්‍ඛුං පනෙව උද්දිස්ස යනු: මහණක්හු සඳහා, මහණක්හු අරමුණු කොට, මහණක්හු ආච්ඡාදනය කරණු කැමැත්තේ.
අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වන මීමුතුන් යුගලය දක්වා නො සබඳ වූයේ ය.
ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ නම් හේ ය.
ගහපතානී නම්: යම් කිසිවක් ගිහිගෙයි වෙසේ නම් හෝ ය.
චීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ පබළු හෝ පිළිමිණි හෝ පටයෙක් හෝ හූ හෝ කපු හෝ ය.
ඉමිනා චීවරචේතාපන්නෙන යනු: වෙතට පත් දැයෙකින්.
චෙතාපෙත්‍වා යනු: පිරිවටා.
අච්ඡාදෙස්සාමි යනු: දෙන්නෙමි.
තත්‍ර වෙසො භික්‍ඛු යනු: යම් මහණක්හු උදෙසා සිවුරුමිල සපයන ලද වේ ද ඒ මහණ.
පුබ්බේ අප්පචාරිතො යනු: වහන්ස, කෙබඳු සිවුරෙකින් තොපට ප්‍රයෝජන වේ ද කෙබඳු සිවුරක් තොපට මිල දී ගනිම් දැ යි පෙර නො කියන ලද්දේ වේ.
උපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස් යම් කිසි තැනෙක්හි එළඹ.
චීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: දිගු ද පුළුල් ද ඝන ද සිලිටි ද වේව යි.
[need trans?]
[need trans?]
චෙතාපෙත්‍වා යනු: පිරිවටා.
අච්ඡාදේහි යනු: දෙව.
කල්‍යාණකම්‍යතං උපාදාය යනු: සොඳුරු බව කැමැත්තේ මහඇඟි බව කැමැත්තේ.
4. ඔහුගේ බසින් දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ වූවක් මිල දී ගණී නම්, පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේ නිසැජියයුතු ය: ‘වහන්ස, මේ මාගේ සිවුර පෙර නො පවරන ලදුයෙම් නොනෑ ගැහැවියක්හු කරා එළඹ සිවුරෙහි අධිකවිධානයට පැමිණෙන ලදුයේ නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’යි. ...