4. 9. 13.
තෙළෙස්වන සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සඞ්කච්චිකා (සැට්ටය) රහිත වැ පිඬු පිණිස ගමට වන. වීථියෙහි වාසුළි ඇගේ සඟළ සිවුරු නඟාලී යැ. මිනිස්සු ආර්ය්යාවගේ පයෝධර හා උදරය සුන්දර යැ යි ඔල්වරසන් නැඟූහ. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූ ය. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ”යි. –පෙ– සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ යි. සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරැහූව ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා ද? මහණෙනි, තෙල කරුණ අප්රසන්නයන්ගේ ප්රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගම් වදී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්ත්ථයෙහි අභිප්රේත භික්ඛුනී යි.
අසඞ්කච්චිකා යනු: සඞ්කච්චිකාව නැති වැ.
සඞ්කච්චිකා නම්: අකු ඇටින් යට, නාභියෙන් උඩ. එය වසනු සඳහා.
ගාමං පවිසෙය්ය යනු: පිරිකෙව් කරන ලද ගම්හි පිරිකෙව් ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. පිරිකෙව් නොකළ ගම්හි උපචාරයට බැසගන්නියට පචිති ඇවැත්වෙ යි.
අනාපත්ති: අසිඳැගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ගිලන් වූවාට, නොසිහියෙන් ගියාට, නොදන්නියට, ආපදායෙහි, උමතු වූවාට, ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
තෙළෙස් වැනි ශික්ෂාපද යි.
නවවැනි ඡත්තුපාහන වර්ග යි.
ආර්ය්යාවෙනි, එක්සිය සසැටක් පාචිත්තිය ධර්මයෝ උදෙසන ලදහ. එහි ලා ආර්ය්යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? දෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? තෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? මෙහිලා ආර්ය්යාවෝ පිරිසුදු වෙති. එහෙයින් තූෂ්ණිම්භූතයහ. තෙල මෙසේ ධරමි’යි.
එහි උද්දානය:
ඡත්ර යැ යාන යැ සඞ්ඝාණි යැ අලඞ්කාර යැ ගන්ධපිඤ්ඤාක යැ භික්ඛුනී සික්ඛමානා සාමණේරා ගිගීනී සම්බන්ධ උම්මද්දන පරිමද්දන ශික්ෂා යැ අනාපුච්ඡා යැ අනෝකාස යැ අසඞ්කච්චිකා යි ශික්ෂා තෙළෙසකි.
වර්ග උද්දානය:
ලසුන යැ අන්ධකාර ය: නග්න යැ තුවට්ටක යැ චිත්තාරාම යැ ගබ්භිනී යැ කුමාරී යැ ඡත්තූපාහන යි.
ඛුද්දකය නිමි.