4. 8. 12.
දොළොස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවත්. මෙහෙණවර නො පොහෝනේ වෙයි. විහාරචාරිකායෙහි හැසිරෙන මිනිස්සු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහු ද, මෙහෙණවර නො පොහෝනේ”යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහුදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වසක් පාසා උපසපන් කරවූහු ද. මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වසක් පාසා උපසපන් කරවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අනුවස්සං: වසක් පාසා.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
එක්වසක් අතරැ තබා උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දොළොස්වන සිකපද යි.
4. 8. 13.
තෙළෙස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවත්. මෙහෙණවර එසේම නො පොහෝනේ වෙයි. විහාරචාරිකායෙහි හැසිරෙන මිනිස්සු දැක එසේ මැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවූහු ද? මෙහෙණවර එසේ මැ නො පොහෝනේ යැ යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවූහුදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ එක්වසැ දෙදෙනෙකුන් උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් එක්වසැ දෙදෙනකුන් උපසපන් කරවා නම් පචිති වේ” යයි.
යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
ඒකං වස්සං: එක්වසැ.
ද්වෙ වුට්ඨාපෙය්ය: දෙදෙනකුන් උපසපන් කරවයි.
දෙදෙනකුන් උපසපන් කරවන්නෙමැ යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
එක්වසැ එකක උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙළෙස්වන සිකපද යි.
අට වැනි කුමාරීභූතවර්ග යි.
එහි උද්දානය:
කුමාරීභූත දෙසිඛ යැ සඞ්ඝසම්මත යැ ඌනද්වාදසවස්ස යැ අසම්මත යැ අලංතාව යැ චීවර යැ ද්වේවස්ස යැ සංසට්ඨ යැ (වර්ගය වේ.) සාමිකය සමග පාරිවාසික යැ අනුවස්ස යැ ද්වේවුට්ඨාපනසිඛයෙන් දැ යි.