4. 4. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් ගෘහී කාමභෝගිනියන් මෙන් එක් ඇඳෙහි එක් වැ හොත්හු දැ”යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොත්හු දැ”යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත් දැ යි. සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොත්හු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණෝ දෙදෙනෙක් එක් ඇඳෙහි එක් වැ හොවිත් නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනියො: උපසපන් වූවෝ කියනු ලැබෙත්.
ද්වෙ ඒකමඤ්චෙ තුවට්ටෙය්යුං: එකක හොත් කල්හි අනෙකක් හොවී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි, නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
එකෙකු හොත් කල්හි අනෙකක් හිඳී නම්, දෙදෙන මැ හිඳිත් නම්, උම්මත්තිකාවනට … ආදිකම්මිකාවනට ඇවැත් නැති.
පළමු සිකපදයි.
4. 4. 2.
දෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදින්නාහු දැක ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ ගෘහීකාමභෝගිනියන් මෙන් හොත්හු” දැයි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොත්හු දැ” යි. … සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත් දැ යි, සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙදෙනෙක් එක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොත්හු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසෙත්වා:
“යම් මෙහෙණෝ දෙදෙනෙක් එකක් මැ ඇතිරි පොරෝනා ඇති වැ හොවිත් නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනියො: උපසපන්වූවෝ කියනු ලැබෙත්.
ද්වෙ ඒකත්ථරණපාපුරණා තුවට්ටෙය්යුං: එය මැ අතුරා එය මැ පොරවත් නම් පචිති ඇවැත් වේ.
ඒකාස්තරණප්රාවරණයෙහි ඒකාස්තරණප්රාවරණසංඥා ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. ඒකාස්තරණප්රාවරණයෙහි විමති ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. ඒකාස්තරණ ප්රාවරණයෙහි නානාස්තරණප්රාවරණසංඥා ඇතියාහු එක් වැ හොවිත් නම් පචිති ඇවැත් වේ.
ඒකාස්තරණයෙහි නානාප්රාවරණසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණයෙහි ඒකප්රාවරණසංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්රාවරණයෙහි එකාස්තරණප්රාවරණ සංඥා ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්රාවරණයෙහි විමති ඇතියාහු නම් දුකුළා ඇවැත් වෙයි. නානාස්තරණප්රාවරණයෙහි නානාස්තරණප්රාවරණසංඥා ඇතියාහු නම් ඇවැත් නැති.
අතරක් දක්වා හොවිත් නම් ඇවැත් නොවේ. උම්මත්තිකාවනට … ආදිකම්මිකාවනට ඇවැත් නැති.
දෙවන සිකපද යි.