පඤ්චදශ ශික්ෂාපද යි.
සත්වන පාදුකාවර්ග යි.
උද්දානය:
පරිමණ්ඩල යැ සුපටිච්ඡන්න යැ සුසංවුත යැ ඔක්ඛිත්තචක්ඛුසිඛය සමග උක්ඛිත්තකාය යැ උජ්ජග්ඝිකාය යැ අප්පසද්ද යැ කායප්පචාලක - බාහුප්පචාලක - සීසප්පචාලක යන තිදෙන ද,
ඛම්භකත යැ ඔගුණ්ඨිත යැ උක්කුටිකාය යැ පල්ලත්ථිකාය සිඛය සමග සක්කච්ච යැ පත්තසඤ්ඤි යැ සමසූපක යැ සමතිත්තිකය ද,
සක්කච්ච යැ පත්තසඤ්ඤ යැ සපදාන යැ සමසූපක යැ ථූපතෝ සිඛය ද පටිච්ඡන්න යැ උජ්ඣානසඤ්ඤිසිඛය සමග විඤ්ඤත්තිය ද.
නාතිමහන්ත යැ පරිමණ්ඩල යැ මුඛද්වාරය යැ සබ්බහත්ථ යැ බ්යාහරණ යැ පිණ්ඩුකෙඛපක යැ කබලාවච්ඡේදක යැ අවගණ්ඩකාරක යැ හත්ථනිද්ධුක යැ සිත්ථාවකාරක ය ද,
ජිව්හානිච්ඡාරක යැ චපුචපුකාරක යැ සුරුසුරුකාරකය සමග හත්ථනිල්ලෙහක යැ පත්තිනිල්ලෙහක යැ ඔට්ඨනිල්ලෙහක යැ සාමිස යැ සසිත්ථකය ද,
තථාගතවරයෝ ඡත්තපාණියහට සදහම් නො දෙසත්, දණ්ඩපාණිහට ද සත්ථපාණිහට ද ආයුධපාණිහට ද මෙසෙයින් මැ නො දෙසත්,
පාදුකා - උපාහනාරූඪයහට ද යාන - සයනගතයහට ද පල්ලත්ථිකා නිසින්නයහට ද වෙඨිත - ඔගුණ්ඨිතසීසයහට ද නො දෙසත්.
බිමැ හා මිටිඅස්නෙහි හුන්නහු විසින් ද සිටියහු විසින් ද පසු වැ යන්නහු විසින් ද නො මගින් යන්නහු විසින් ද දහම් නො දෙසිය යුතු යැ. නිල්තණ ආදියෙහි හා දියෙහි (මළ මූ ඈ) නො කළ යුතු යි.
ඒ වර්ගයන්ගේ උද්දානය:
පරිමණ්ඩල යැ උජ්ජග්ඝික යැ ඛම්භකත යැ සක්කචච්ච යැ කබළ යැ සුරුසුරු යැ සත්වන පාදුකාවර්ගයෙන් දැ යි.
අතිදේව වූ ගෞතම යශස්වීන් විසින් ශ්රාවකයන් හික්මවනු පිණිස පන්සැත්තෑ සේඛිය ධර්මයෝ පනවන ලදහු යි.
ආයුෂ්මත්නි, සේඛියා ධර්මයෝ උදෙසන ලදහු. එහි ලා ආයුෂ්මතුන් පුලුවුස්මි, කීම පිරිසුදුවහු ද? දෙවනවට දු පුලුවුස්මි, කීම පිරිසුදුවහු ද? තෙවනවට දු පුලුවුස්මි, කිම පිරිසිදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.
සේඛියධර්මයෝ යි.