ද්වාදශ ශික්ෂාපද යි.
8. 7. 13.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සිටියාහු මහවටන ද සුළුවටන ද කෙරෙත් ...
“සිටියෙම් නො ගිලන් වැ මහවටන් හෝ සුළුවටන් හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සිටියා වූ නො ගිලන්හු විසින් මහවටන් හෝ සුළුවටන් හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස සිටියේ නො ගිලන් වැ මහවටන් හෝ සුළුවටන් හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ත්රයොදශ ශික්ෂාපද යි.
8. 7. 14.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නිල් තණ ආදියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත් ...
“නො ගිලන් වූයෙම් නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. නො ගිලන්හු විසින් නිල් තණආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, නො නිල්තණ ආදියෙහි කරන ලද දැයෙක් නිල් තණ වතුරුවා නම්, ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්දශ ශික්ෂාපද යි.
8. 7. 15.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි.