ත්‍රයොදශ ශික්‍ෂාපද යි.
8. 7. 14.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නිල් තණ ආදියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත් ...
“නො ගිලන් වූයෙම් නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. නො ගිලන්හු විසින් නිල් තණආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, නො නිල්තණ ආදියෙහි කරන ලද දැයෙක් නිල් තණ වතුරුවා නම්, ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්‍දශ ශික්‍ෂාපද යි.
8. 7. 15.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්‍තතිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි ගිලන් වූ මහණෝ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම ද කරන්නට කුකුසත්. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූසේකැ. “මහණෙනි, ගිලන් මහණහු විසින් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කරන්නට අනුදනිමි”. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“නො ගිලන්වූයෙම් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
4. නො ගිලන්හු විසින් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළයුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ගොඩබිමැ කරන ලද දැයෙක් ජලය වතුරුවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තකයහට, ක්‍ෂිප්තචිත්තයහට, වේදනාර්‍තයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චදශ ශික්‍ෂාපද යි.
සත්වන පාදුකාවර්‍ග යි.