නවම ශික්‍ෂාපද යි.
8. 6. 10.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසත් ...
“අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. ආයුධ නම්: දුනු යැ දුනුවෙසෙස් යැ.
අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසියයුතු යි. යමෙක් අනාදරිය පිණිස අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
සවන සුරුසුරු වර්‍ග යි.
පාදුකා වර්‍ගය
8. 7. 1.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ මිරිවැඩි ඇත්තාහට දහම් දෙසති ...
“පයැ ලූ මිරිවැඩි ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පයැ ලූ මිරිවැඩි ඇති නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපදයි.
8. 7. 2.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ වහන් ඇත්තාහට දහම් දෙසත් ...
“පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
8. 7. 3.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යානයෙහි හුන්නාහට දහම් දෙසති ...
“යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. යාන නම්: වයහ යැ රථ යැ ශකට යැ ස්‍යන්‍දමානිකා යැ සිවිකා යැ පාටඞ්කීය යී.
යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.