ෂෂ්ඨ ශික්ෂාපද යි.
8. 6. 7.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසත්. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසූහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“සත්ගත් අත් ඇත්තාහට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
මෙසේත් භාග්යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි වනාහි භික්ෂූහු සත්ගත් අත් ඇති ගිලන්හට දහම් දෙසන්නට කුකුසනුවෝ නො දෙසත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ සත්ගත් අත් ඇති ගිලන්හට දහම් නො දෙසූහු” දැ යි. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු මැයි. එකල්හි ඒ භික්ෂූහු තෙල කරුණ භාග්යවතුන්හට දැන්වූහු. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, සත්ගත් අත් ඇති ගිලන්හට දහම් දෙසන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“සත්ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
3. ඡත්ත නම්: මඬුලුබැඳි ලහබැඳි සේසත යැ කළාල්සත යැ පත්සතැ යි සත් තුනෙකි.
ධම්ම නම්: බුද්ධභාෂිත යැ ශ්රාවකභාෂිත යැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්ත්ථොපසංහිත යැ ධර්මොපසංහිත යි.
දේසෙය්ය: පදයෙන් දෙසා නම් පෙදෙහි පෙදෙහි දුකුළා ඇවැත් වෙයි, අක්ෂරයෙන් දෙසා නම් අකුරෙහි අකුරෙහි දුකුළා ඇවැත් වේ.
සත්ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සත්ගත් අත් ඇති නො ගිලන් හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මික හට ඇවැත් නැති.
සප්තම ශික්ෂාපද යි.
8. 6. 8.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ දඬුගත් අත් ඇත්තාහට දහම් දෙසත් ...
“දඬුගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. දණ්ඩ නම්: බලමැදුම් පිරිම්නියක්හුගේ සිවුරියන් පමණ ඇති දඬු යි. ඉන් උකැටි වූයේ නො දඬ යි. ඔමු වූයේ නො දඬ යි.
දඬුගත් අත්ඇති නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස දඬුගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
අෂ්ටම ශික්ෂාපද යි.