අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 5. 9.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිව නෙරනෙරා වළඳත් ...
“දිව නෙරනෙරා නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
දිව නෙර නෙරා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස දිව නෙර නෙරා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
8. 5. 10.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු චපුචපු හඬ කෙරෙමින් වළඳති.
“චපුචපු හඬ කෙරෙමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. චපුචපු හඬ කෙරෙමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස චපු චපු හඬ කෙරෙමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
පස්වන කබළ වර්‍ග යි.