නවම ශික්‍ෂාපද යි.
8. 2. 10.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
“හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
දෙවන උජ්ජග්ඝික වර්‍ග යි.