දශම ශික්‍ෂාපද යි.
දෙවන උජ්ජග්ඝික වර්‍ග යි.
ඛම්භකත වර්‍ගය
8. 3. 1.
එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි යෙත් ...
“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
උකුළෙහි තැබූ අතින් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙපසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
8. 3. 2.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි හිඳිත් ...
“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙ පසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
8. 3. 3.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙවැ ඇතුළුගමෙහි යෙත් ...
“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.