නවම ශික්ෂාපද යි.
8. 1. 10.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි හිඳිත් ...
“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියයුතු” යි.
2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, ඇවැත් නැත. උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
දශම ශික්ෂාපද යි.
පළමුවන පරිමණ්ඩල වර්ග යි.
උජ්ජග්ඝික වර්ගය
8. 2. 1.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු මහසිනා සෙමින් ඇතුළුගමෙහි යෙත් ...
“මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස මහසිනා සෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, සිනාසිය යුතු වස්තුවෙහි මඳසිනා පමණක් කරන්නහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ප්රථම ශික්ෂාපද යි.
8. 2. 2.
1. ශ්රාවස්තිනිදාන යි - එසමයෙහි සවග මහණහු මහසිනා සෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...
“මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු යැ” යි.
2. මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස මහසිනා සෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, සිනාසිය යුතු වස්තුවෙහි මඳසිනා පමණක් කරන්නහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්ෂාපද යි.
8. 2. 3.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යෙත් ...
“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
තෘතීය ශික්ෂාපද යි.