පඤ්චම ශික්‍ෂාපද යි.
8. 1. 6.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගම්හි හිඳිත් ...
“මොනවට සංවර වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 1. 7.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යෙත් ...
“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙලූ ඇස් ඇති වැ ඇතුළුගමෙහි යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 1. 8.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි හිඳිත් ...
“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 1. 9.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි යෙත් ...
“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මිය යුතු” යි.
2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
8. 1. 10.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි හිඳිත් ...
“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියයුතු” යි.
2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, ඇවැත් නැත. උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
පළමුවන පරිමණ්ඩල වර්‍ග යි.