තෘතීය ශික්‍ෂාපද යි.
8. 1. 4.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි හිඳිත් ...
“සුපිළිසන් වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි හිඳි යැ යුතු. යමෙක් අනදර නිසා කය විවර කොට ගෙන අතුරුගෙයෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
8. 1. 5.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගමෙහි යෙත් ...
“මොනවට සංවර වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
8. 1. 6.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගම්හි හිඳිත් ...
“මොනවට සංවර වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 1. 7.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යෙත් ...
“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙලූ ඇස් ඇති වැ ඇතුළුගමෙහි යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.