ප්රථම ශික්ෂාපද යි.
8. 1. 2.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬුසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් පොරවත් ...
“පිරිමඬුලු කොට පොරවන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පොරවන්නහු විසින් දෙකොන සම කොට පිරිමඬුලු කොට පෙරැවිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්ෂාපද යි.
8. 1. 3.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි යෙත් ...
“සුපිළිසන් වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැයුතු” යි.
2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය විවර කොට ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දත්තහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්ෂාපද යි.
8. 1. 4.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි හිඳිත් ...
“සුපිළිසන් වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි හිඳි යැ යුතු. යමෙක් අනදර නිසා කය විවර කොට ගෙන අතුරුගෙයෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
චතුර්ත්ථ ශික්ෂාපද යි.