6. 7. 9.
උක්ඛිත්තසම්භෝග ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ දැනැ දැනැ සම්භෝග ද කෙරෙති, විනයකර්ම ද කෙරෙති, එක් වැ ශයනය ද කෙරෙත්. යම් භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැ දැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කොළෝ ද විනයකර්මත් කොළෝ ද එක් වැ ශයනයත් කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කරවු ද විනයකර්මත් කරවු ද එක් වැ ශයනයත් කරවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැ දැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කළහු ද විනයකර්මත් කළහු ද එක් වැ ශයනයත් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැන එසේ මැ කියන ඒ දෘෂ්ටි නො හළ ඔසාරණය නො කළ මහණක්හු සමඟ සම්භෝග කරන්නේ නම් හෝ විනයකර්ම කරන්නේ නම් හෝ එක් වැ ශයනය කරන්නේ නම් හෝ පචිති වේ” යයි.
2. යො පන; යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්ත්ථයෙහිලා අදහස් කරන ලද භික්ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
තථාවාදිනා: භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමැ යි මෙසේ කියන්නාවූ;
අකටානුධම්ම නම්: උකෙච්නීකම් කරන ලදුයේ–ඔසාරණය නො කරන ලදුයේ යි.
තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං: තෙල දෘෂ්ටි නො හැරැපියන ලදහු සමඟ;
සම්භුඤ්ජෙය්ය වා සම්භෝග නම්: සම්භෝගයෝ දෙදෙනෙකි ආමිස සම්භෝගය ද ධම්ම සම්භෝගය දැයි. ආමිසසම්භෝග නම්: ආමිෂයක් දේ නම් හෝ පිළිගනී නම් හෝ පචිති ඇවැත් වේ. ධම්මසම්භෝග නම්: උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ, පදයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්ෂරයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
සංවසෙය්ය වා: උකෙච්නීකම් කරන ලද්දක්හු සමඟ පොහොය හෝ පවුරුණු හෝ සඟකම් හෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.
සහ වා සෙය්යං කප්පෙය්ය: එක් සෙවින්නෙහි උක්ඛිත්තකයා හොත් කල්හි මහණ හො වී නම් පචිති ඇවැත් වෙයි. මහණ හොත් කල්හි උක්ඛිත්තකයා හො වී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන ම හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
උක්ඛිත්තකයා කෙරෙහි උකෙච්නීකම් කළ සන් ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උක්ඛිත්තකයා කෙරෙහි විමති ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. උක්ඛිත්තකයා කෙරෙහි උකෙච්නීකම් නො කළ සන් ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් හෝ ඇවැත් නැති.