6. 7. 8.
අරිට්ඨ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ නම් මහණහට මෙබඳු ලමු දිට්හයෙක් උපන්නේ වෙයි. “භාග්යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමි” යි. බොහෝ භික්ෂූහු ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ නම් මහණහට භාග්යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමැ යි මෙබඳු ලමු දිට්හයෙක් උපනැයි ඇසූහු.
2. ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධාබාධිපුබ්බ (ගිජු ලිහිණියන් මැරූ කුලෙහි උපන්) අරිට්ඨ නම් මහණහු වෙතැ එළැඹියහ. එළැඹැ ගද්ධාබාධිපුබ්බ අරිට්ඨ නම් මහණහට මෙය කීහු. සැබෑ ද ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමැ යි මෙබඳු ලාමක දෘෂ්ටියක් තොපට උපන්නේ ද? භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසෙයින් ඇවැත්නි, භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමි, ඇවැත්නි අරිට්ඨයෙනි, මෙසේ නහමක් කියව, භාග්යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්යවතුන් හට නුගුණකීම නො මනා මැ යි. භාග්යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක් මැ යි. ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්යවතුන් විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්මයෝ අන්තරායකරහ යි වදාරන ලද යැ. තව ද ඒ ධර්මයන් සෙවුනාහට අනතුරු පිණිස සමර්ත්ථ වෙත් මැ යි. කාමයෝ අල්පාස්වාද ඇතියහ බොහෝ දුක් ඇතියහ බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ ඇටසැකිලි බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්යවතුන් විසින් වදාරන ලද. කාමයෝ මස් වැදැලි බන්දහ ... භාග්යවතුන් විසින් වදාරන ලද. කාමයෝ තණහුලක් බන්දහ ... භාග්යවතුන් විසින් වදාරන ලද. කාමයෝ අඟුරුවළක් බන්දහ ... භාග්යවතුන් විසින් වදාරන ලද. කාමයෝ සිහිනයක් බන්දහ ... භාග්යවතුන් විසින් වදාරන ලද. කාමයෝ පිරුළින් අළදැයක් බන්දහ ... භාග්යවතුන් විසින් වදාරන ලද. කාමයෝ රුක්පල බන්දහ ... භාග්යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ අසිසූනා බන්දහ ... භාග්යවතුන් විසින් වදාරන ලද. කාමයෝ ශක්තිශුල බන්දහ ... භාග්යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්ප ශීර්ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්යවතුන් විසින් වදාරන ලද්දේ යැ.
3. මෙසේ ද වනාහි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ මහණ ඒ භික්ෂූන් විසින් කියනු ලබන්නේ එසේ මැ ඒ ලාමකදෘෂ්ටිය දැඩිසේ අල්වා ගෙනැ (එයට) බැසැගෙනැ බැවහර කෙරෙයි. “භාග්යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ ඇවැත්නි, භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමැ” යි. ඒ භික්ෂූහු වනාහි ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ මහණහු තෙල ලමු දිට්හයෙන් වෙන් කරන්නට යම් හෙයකින් නොහැකිවූහු ද එකල්හි ඒ භික්ෂූහු භාග්යවතුන් වෙතැ එළැඹියහ. එළැඹ භාග්යවතුන්හට තෙල කරුණ දැන්වූහු.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා බික්සඟන රැස්කරවා ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ මහණහු පිළිවුසූ සේකැ. සැබෑ ද අරිට්ඨය, භාග්යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමැ යි මෙබඳු ලමු දිට්හයෙක් තාහට උපන්නේ දැ යි. භාග්යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමි. හිස් පුරුෂය, තෙපි මා විසින් කවරක්හට නම් එසේ ධර්මය දෙසන ලදැ යි දනිහු ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්මයෝ අන්තරාය කරහ යි වදාරන ලද්දාහු නො වෙද්ද? තවද ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්ත්ථ නො වෙද්ද? කාමයෝ අල්පාස්වාදයහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද. කාමයෝ ඇටසැකිල්ලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ මස් වැදැල්ලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ තණහුලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ අඟුරුවළක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ සිහිනයක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ පිරුළු අළදැයක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ රුක්පල බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ අසිසුනා බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ ශක්තිශූල බන්දහ ... මා විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්පශීර්ෂ බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද්දේ යි.