6. 4. 9.
පණීතභෝජන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුහේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු පිණීබොජුන් තමා පිණිස විනවා වළඳත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ” යි කවරකුහට මිහිරිදැය නො මැනවිද? කවරකුහට රසවත්දැය නො රුස්නේ දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන් ගේ (අකීර්ත්තිශබ්ද) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම්බඳු ඒ පිණීබොජුන් එනම්:– ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක්සකුරු, දියමස්, ගොඩමස්, කිරි, දී, යන එබඳු වූ පිණීබොජුන් යම් මහණෙක් තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි වනාගි භික්‍ෂූහු ගිලන් වෙති. ගිලනුන් පුළුවුස්නා භික්‍ෂූහු ගිලන් භික්‍ෂූන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, ඉවසිය හැකි ද යැපිය හැකි දැ” යි. “ඇවැත්නි, ඇපි පෙරැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳම්හ. එයින් අපට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො විනවම්හ. එයින් අපට පහසු නො වේ. භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ. එකල් හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, ගිලන් මහණහු විසින් පිණීබොජුන් තමා පිණිස විනවා වළඳන්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
“යම්බඳු ඒ පිණීබොජුන් එනම්: ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක් සකුරු, දියමස්, ගොඩමස්, කිරි දී යන එබඳු වූ පිණීබොජුන් යම් මහණෙක් නොගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ” යයි.
3. යානි ඛො පන තානි පණීතභෝජනානි: සප්පි නම් එළඟිතෙල් හෝ එළුගිතෙල් හෝ මිහිගිතෙල් හෝ යැ. යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල. නවනීත නම්: ඔවුන්ගේ මැ වෙඬරු. තෙල නම්: තලතෙල්, අබතෙල්, මීතෙල්, එරඬුතෙල්, වුරුණුතෙල. මධු නම්: මීමැසි මී. ඵාණිත නම්: උක්ගසින් නිපදවනලද යැ. මච්ඡ නම්: දියෙහි හටගත් මසැ යි කියනු ලැබේ. මංස නම්: යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන් ගේ මස. ඛීර නම්: එළකිරි හෝ එළුකිරි හෝ මීකිරි හෝ යි, යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන් ගේ කිරි. දධි නම්: ඔවුන් ගේ මැ දිහි.
යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
එවරූපානි පණීතභෝජනානි: එබඳු වූ පිණීබොජුන්.
අගිලාන නම්: යමකුහට පිණීබොජුනෙන් වෙන් වැ පහසු වේ නම් හේ යැ.
ගිලාන නම්: යමකුහට පිණීබොජුනෙන් වෙන් වැ පහසු නො වේ නම් හේ යැ.
නොගිලන් වූයේ තමා පිණිස විනවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි. ලැබීමෙන් වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.