3. අමූළ්හවිනය
1. එ සමයෙහි ගග්ග මහණ තෙමේ සිත් පෙරළියෙන් වූ උමතු ඇතියේ වෙයි. සිත් පෙරළීමෙන් උමතු වූ ඔහු විසින් බසින් බිණු කයින් මැඩූ බොහෝ නො සරුප්කම් කරණ ලද්දේ වෙයි. සිත් පෙරළුනු උමතුවූවහු විසින් කරණ ලද නො සරුප් කම් හේතු කොට ගෙණ භික්ෂූහු ගග්ග මහණහට “මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා” යි ඇවැතින් චෝදනා කෙරෙත්. හෙ තෙමේ මෙසේ කියයි: “ඇවැත් නි, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ මා විසින් වචනයෙන් කියූ කයින් මැවූ බොහෝ නො සරුප්කම් කරණ ලදි. මම එය නො සමරමි. මුළා වූ මා විසින් මෙය කරණ ලදැ” යි. මෙසේ කියනු ලබන්නාහු ද “මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා”යි ඔහුට චෝදනා කෙරෙත් ම ය.
2. යම් මහණහු අපිස් වූවාහු නම් ... ඔහු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පහළ කෙරෙත්: “සිත් පෙරළීමෙන් උමතු වූවහු විසින් කළ කම් හේතු කොට ගෙණ භික්ෂූහු කෙසේ නම් ගග්ග මහණහට ‘මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා’යි ඇවැතින් චෝදනා කළාහු ද - හෙ තෙමේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ ඒ මා විසින් බසින් බිණූ කයින් මැවූ බොහෝ නො සරුප්කම් කරණ ලදි. මම එය නො සමරමි. මුළාවූ මා විසින් මෙය කරණ ලදැ’ යි. මෙසේ කියනු ලබන්නාහු ද ‘මෙබඳු ඇවැත් අවන් ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා’ යි ඔහුට චෝදනා කෙරෙත් ම ය. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. මහණෙනි, සැබෑ ද ... ‘භාග්යවතුන් වහන්ස, සැබවි.’ භාග්යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. ගරහා ... දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූ සේක:
3 මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ගග්ග මහණහට අමූළ්හවිනය දේවා. මහණෙනි, මෙසේ දිය යුතු; මහණෙනි, ගග්ග මහණහු විසින් සඟ වෙත එළඹ උතුරු සඟල එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ ය: වහන්ස, මම සිත් පෙරළීමෙන් උමතු වීමි. සිත් පෙරළීමෙන් උමතු වූ ඒ මා විසින් බසින් කියනලද කයින් මඬනා ලද බොහෝ නො සරුප්කම් කරණ ලදි. සිත් පෙරළුනු උමතු වූවහු විසින් කරණ ලද නො සරුප්කම් හේතු කොට ගෙණ “මෙබඳු ඇවැතකට පැමිණි ආයුෂ්මත් ඒ ඇවැත සිහි කෙරේවා” යි භික්ෂූහු මට ඇවතින් චෝදනා කෙරෙත් ඔවුන්ට මම මෙසේ කියමි: -
“ඇවැත්නි, මම් වූ කලි සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් විමි, සිත් පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද, කයින් කරණ ලද බොහෝ අශ්රාමණක දෑ (මහණුන් විසින් නො කටයුතු නොසරුප්කම්) කරණ ලදී. මම් එය නො සමරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදී යනුවෙනි.” මෙසේත් (මා විසින්) කියනු ලබන ඒ මහණහු මට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවතකට පැමිණියා සිහි කෙරේවා” යි චෝදනා කෙරෙත් ම ය. වහන්ස ඒ මම් (දැන්) පහ වූ සිහි මුළාව ඇත්තමේ (සිහිමුළායෙන් මිදුනෙම්) සංඝයා වෙතින් අමූළ්හ විනය ඉල්ලමි” යි යාච්ඤා කළ යුතු. දෙවෙනි වර ද ... යාච්ඤා කළ යුතු. තෙවෙනි වර ද. “වහන්ස, මම් සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් වීමි. සිත්පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද කයින් කරණ ලද බොහෝ අශ්රාමණක දෑ (මහණුන් විසින් නොකටයුතු නො සරුප්කම්) කරණ ලදි. සිත් පෙරැළීමට පත් උමතුවකු වූ මා විසින් කරණ ලද දෑ කරණ කොට ගෙන, “ආයුෂ්මත්තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි මට ඇවැතින් චෝදනා කෙරෙත්. මම් ඔවුනට මෙසේ කියමි: “ඇවැත්නි, මම් වූ කලි සිත් පෙරැළීමට පත් උමතුවෙකිම් වීමි. සිත්පෙරැළීමට පත් උමතුවකු වූ ඒ මා විසින් බසින් කියන ලද කයින් කරණ ලද බොහෝ අශ්රාමණක දෑ (මහණුන් විසින් නොකටයුතු නොසරුප්කම්) කරණ ලදී. මම් එය නො සමරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදී” යනුවෙනි. මෙසේත් (මා විසින්) කියනු ලබන ඒ මහණහුමට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා”යි චෝදනා කෙරෙත් ම ය. වහන්ස, ඒ මම් (දැන්) පහ වූ සිහි මුළාව ඇත්තෙම් (සිහි මුළායෙන් මිදුණෙම්) තුන්වැනි වරද සංඝයා වෙතින් අමූළ්හ විනයය ඉල්ලමි” යි යාච්ඤා කළ යුතු.
4. ව්යක්ත වූ ප්රබල වූ මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වීය යුතු:
“වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා: මේ ගර්ග මහණ තෙම උමතු වූයේ සිත් පෙරැළීමට පැමිණියේ විය. උමතු වූ සිත් පෙරැළියට පත් වචනයෙන් කියන ලද්දාවූද කයින් කරණ ලද්දාවූ ද බොහෝ අශ්රාමණක දෑ (මහණුනට නො සරුප් වූ බොහෝ දෑ) කරණ ලද්දේ ය. මහණහු උමතු වූ සිත් පෙරැළියට පැමිණ කරණ ලද දෑ කරණ කොට ගෙන ගර්ග මහණහට “ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි ඇවැතින් චෝදනා කෙරෙත්. හෙ තෙම ඇවැත්නි, මම් වූ කලි උමතු වූයමේ සිත් පෙරැළියට පැමිණියෙම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් වචනයෙන් ද කයින් ද බොහෝ අශ්රාමණක නොසරුප් කම් කරණ ලදි. මම් ඒ දෑ නො සමරමි. ඒ දෑ සිහි මුළා වූ මා විසින් කරණ ලද්දේ යැ” යි මෙසේ කියයි. ඔහු මෙසේ කියනු ලබන්නාහු ද ඒ මහණහට ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේ වා’යි චෝදනා කෙරෙත් ම ය. සිහි මුළායෙන් මිදුණු හෙතෙම සංඝයා වෙතින් අමූළ්හ විනය යදී. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සංඝතෙමේ සිහිමුළා බැවින් මිදුණු ගර්ග මහණහට අමූළ්හ විනය දෙන්නේ ය. මේ ඥප්ති යි (දැනුම් දීම යි).
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා: මේ ගර්ග මහණ තෙම සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් විය. සිත් පෙරැළියට පත් උමතු වූ ඔහු විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්රාමණක දෑ (මහණුනට නො සරුප් දෑ) කරණ ලදී. මහණහු සිත් පෙරැළියට පැමිණි උමතු වූ මොහු විසින් කරණ ලද දෑ කරණ කොට ගෙන ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’යි ගර්ග මහණහට ඇවැතින් චෝදනා කෙරෙත් ම ය. (එවිට) හෙ තෙමේ මෙසේ කියයි: