20. පක්ඛපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙමේ පිරූ මානත ඇතියේ, මහණුනට “ඇවැත්නි, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානය කෙරේවා.
2. මහණෙනි, මෙසේ අබ්භානය කටයුතු ය: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ උත්කුටුකව හිඳ, දොහොත් මුදුන් තබා, මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පක්ෂපරිවාසය යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, එයතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙම් ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝයා පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට යෝග්ය වැ සිටියෙම් එයතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස ඇතියෙම්, සඞ්ඝයා (ගෙන්) තුන් ඇවැත්නට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ තුන් ඇවැත්නට සරැයක මානත දුන්නේ ය. ඒ මම මානත පුරණුයෙම්, අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය.
“ඒ මම් සංඝයා (ගෙන්) අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි, අබ්භානයට යෝග්ය වැ සිටියෙම්, පස් දිනක් පිළිසන් වූ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට අතරැ පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායාපටිකස්සනාව කෙළේ ය. ඒ මම සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යැදීමි. ඒ මට් සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවත පටන් කොට සමෝධාන පිරිවෙස දුන්නේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සරැයක මානත යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සරැයක මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයයා (ගෙන්) අබ්භානය යදිමි”යනු යි.
දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු.
3. ව්යක්ත වූ ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු.
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය යැදී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයා (ගෙන්) පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය.