2. අපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, භිකුෂුනට මෙසේ සැළ කෙළේ ය: “ඇවැත්නි, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇත්තෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු ද?” යනුයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ.
2. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙම උදායී මහණහට අබ්භානය කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භානය ද කළ යුතු වේ: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා මෙසේ කිය යුතු වන්නේය:
“වහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි.
වහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් දෙවනු ද සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි.
වහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් තෙවනු ද සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි”යනු යි.
3. ව්‍යක්ත ප්‍රතිබල මහණහු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට නොපිළිසන්වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරේවා. මේ ඥප්තියයි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ තෙම නො පිළිසන් එක් සෙඤවත නිකා සුකකවිසටඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහුගේ අබ්භානය රිසියේ නම්, හේ නිහඬ වන්නේ ය. යමකුහට නො රිසියේ නම් හේ කියන්නේ ය.
දෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙම මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ ඒ නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහුගේ අබ්භානය රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නොරිසියේ නම්, හේ කියාවා,