9. 5. 40.
උද්ධම්භාගිය සූත්රය
3748. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස සිවු දැහැන් වැඩිය යුතු. කවර සිවු දැහැන් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහ කරනු පිණිස මේ සිවු දැහැන් වැඩිය යුතු යි.
ඕඝවර්ගය පස්වැනි යි.
එහි සූත්රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි යි.
කන්ධාන සංයුත්තය නිමියේ ය.
එහි වර්ගනාමාවලිය:
ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ යි ඣාන සංයුත්තයට අයත් වර්ග පසෙක් ම වන්නේ යි.
10. ආනාපාන සංයුත්තය
1. ඒකධම්ම වර්ගය
10. 1. 1.
ඒකධම්ම සූත්රය
3749. සැවැත්නුවර:
මහණෙනි, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත් ඵල මහානිසංස වේ. කවර එක් දහමෙක් ද යත්: ආනාපානසතිය යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය ඉදි කොට පිහිටුවා සිහිය අභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්රශ්වාස කෙරෙයි. දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. දිගු කොට හෝ ප්රශ්වාස කරනුයේ දිගු කොට ප්රශ්වාස කෙරෙමි යි දැනගනී. කෙටි කොට හෝ ආශ්වාස කරනුයේ කෙටි කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. කෙටි කොට හෝ ප්රශ්වාස කරනුයේ කෙටි කොට ප්රශ්වාස කෙරෙමි යි දැනගනී. සියලු ආශ්වාසප්රශ්වාස කය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ. සියලු ආශ්වාසප්රශ්වාස කය මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ. කායසංස්කාර (ආශ්වාසප්රශ්වාස) සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ. කායසංස්කාර සංසිඳුවමින් ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ. ප්රීතිය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. ප්රීතිය මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සුවය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. සුවය මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර (ප්රීතිසුඛ) මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර සංසිඳුවමින් ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මැනවින් දන්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත වෙසෙසින් සතුටු කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත වෙසෙසින් සතුටු කරවමින් ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත අරමුණෙහි පිහිටුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත අරමුණෙහි පිහිටුවමින් ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මුදවමින් ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. අනිස අනු ව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ.