3. බලකරණීය වර්‍ගය
9. 3. 1-12.
බලාදි සූත්‍ර
3657-3668. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(විතර කට යුතු)
තෙවැනි බලකරණියවර්‍ගය යි.
එහි සූත්‍රනාමමාලාව:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යී තුනෙකැ යි මුළුල්ල දොළොසෙකියි.
4. ඒසනා වර්‍ගය
9. 4. 1-40.
එසනාදි සූත්‍ර
3669-3708. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි ... වැඩිය යුතුහ යි.
සිවුවැනි ඒසනාවර්‍ගය යි.
එහි සූත්‍රනාමමාලාව:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි යි.
5. ඕඝ වර්‍ගය
9. 5. 1-39.
ඕඝාදි සූත්‍ර
3709-3747. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතුහ යි.
(විතර කට යුතු)
9. 5. 40.
උද්ධම්භාගිය සූත්‍රය
3748. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස සිවු දැහැන් වැඩිය යුතු. කවර සිවු දැහැන් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහ කරනු පිණිස මේ සිවු දැහැන් වැඩිය යුතු යි.
ඕඝවර්‍ගය පස්වැනි යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි යි.
කන්‍ධාන සංයුත්තය නිමියේ ය.
එහි වර්‍ගනාමාවලිය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ යි ඣාන සංයුත්තයට අයත් වර්‍ග පසෙක් ම වන්නේ යි.