8. 2. 3.
දිබ්බසෝත සූත්රය
3623. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිස්බැව් ඉක්මවා පැවති විශුද්ධ වූ දිව්යමය ශ්රෝත්රධාතුවෙන් දුර වූ ද ලඟ වූ ද දෙව් මිනිස් දෙ සද අසමි යි.
8. 2. 4.
චේතෝපරිය සූත්රය
3624. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම පරසතුන්ගේ පරපුඟුලන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනිමි. සරාග සිත හෝ සරාග සිතැයි දනිමි. වීතරාග සිත හෝ වීතරාග සිතැයි දනිමි. ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දනිමි. විමුක්ත සිත හෝ විමුක්ත සිතැ යි දනිමි යි.
8. 2. 5.
ඨාන සූත්රය
3625. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කල බැවින් මම කරුණ කරුණුවිසිනුත් නොකරුණ නොකරුණුවිසිනුත් තතු සේ දනිමි යි.
8. 2. 6.
කම්ම සූත්රය
3626. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම අතීතානාගතවර්තමානකර්මසමාදානයන්ගේ විපාකය කරුණු විසින් හේතු විසින් තතු සේ දනිමි යි.
8. 2. 7.
සබ්බත්ථ සූත්රය
3627. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම සියලුගතිවලට පමුණුවන මඟ තතු සේ දනිමි යි.
8. 2. 8.
අනේකධාතු සූත්රය
3628. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මේ නොයෙක් ධාතු නන් වැදෑරුම් ධාතුලෝකය තතු සේ දනිමි යි.
8. 2. 9.
නානාධිමුත්තික සූත්රය
3629. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම සත්ත්වයන්ගේ හීනාදි නානාධිමුත්ති ඇති බව තතු සේ දනිමි යි.