4. 9. 1-10.
තථාගතාදි සූත්ර
1767-1776. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්වයෝ වෙත් නම් ... බහුල කෙරේ යි.
(අප්පමාද වර්ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු යි.)
නවවැනි අප්පමාදවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
තථාගත පද මූල සාර වස්සික රාජ චන්ද සුරිය වත්ථ යි දශසූත්රාන්ත කෙනෙකි.
10. බලකරණීය වර්ගය
4. 10. 1-12.
බලාදි සූත්ර
1777-1788. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(බලකරණිය වර්ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු)
දසවැනි බලකරණියවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්ර සතෙකි. මේඝ සූත්ර දෙකෙකි. නාවා ආගන්තුක නදී යි තුනෙකි. මුළුල්ල දොළොසෙකි.
11. ඒසනා වර්ගය
4. 11. 1-40.
ඒසනාදි සූත්ර
1789-1828. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩියයුතුයි.
(ඒසනාවර්ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු)
එකොළොස්වැනි ඒසනාවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා ය යි සූත්ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.
12. ඕඝ වර්ගය
4. 12. 1-40.
ඕඝාදි සූත්ර
1829-1868. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුතු යි ...
(ඕඝ වර්ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු.)
දොළොස්වැනි ඕඝවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්ර චතුෂ්ක දශයෙකි මුළුල්ල සාලිසෙකි යි.
13. පුනගඞ්ගාපෙය්යාල වර්ගය
4. 13. 1-36.
පාචීනනින්නාදි සූත්ර
1869-1904. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය ... නිවනට බර වූයේ වේ යි.
(ඉන්ද්රියසංයුත්තයේ පුනගඞ්ගාපෙය්යාලවර්ගය රාගවිනයාදිවශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදිවශයෙන් ද විතර කට යුතු. එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්රාන්ත කෙනෙක් දතයුතු.)
තෙළෙස්වැනි පුනගඞ්ගාපෙය්යාල යි.
එහි සූත්රනාමාවලිය:
පාචීනනින්නසූත්ර ත්රික සයෙකි. සමුද්දනින්න ත්රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්රික දොළොසෙක් වේ. එයින් වර්ගය යි කියනු ලැබේ. සූත්ර මුළුල්ල සතිසෙකි යි.