4. 6. 10.
දුතිය උප්පාද සූත්රය
1744. සැවැත්නුවර:
මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝද යත්: සද්ධින්ද්රිය විරියින්ද්රිය සතින්ද්රිය සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති යි.
සවැනි සූකරඛත වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
සාලා මල්ලක සේඛ පද සාර පතිට්ඨිත බ්රහ්ම සූකරඛත යි අටෙක. අනෙක් උප්පාද සූත්ර දෙකෙකැ යි දස සූත්රයෙකි යි.
7. සම්බෝධි වර්ගය
4. 7. 1.
සංයෝජන සූත්රය
1745. සැවැත්නුවර:
මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්රහාණය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්රහාණය පිණිස පවතිත් යි.
4. 7. 2.
අනුසය සූත්රය
1746. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත් යි.
4. 7. 3.
අද්ධාන සූත්රය
1747. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත් යි.
4. 7. 4.
ආසවක්ඛය සූත්රය
1748. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ආස්රවක්ෂයය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු ආස්රවක්ෂය පිණිස පවතිත් යි.