4. 3. 8.
බුද්ධ සූත්‍රය
1712. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, මම යම්තාක් මේ සඉඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද ... මට පස්විකුම් නැණ ද පහළ විය. මාගේ අර්‍හත්ඵල විමුක්තිය නො සැලේ. මේ කෙළවර ඉපැද්ම ය. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
4. 3. 9.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
1713. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සයිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 3. 10.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
1714. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ චක්ඛුන්‍ද්‍රියය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය සමුදය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, සෝතින්‍ද්‍රිය නො දනිත්ද ... ඝානින්‍ද්‍රිය නො දනිත් ද ... ජිව්හින්‍ද්‍රිය නො දනිත්ද ... කායින්‍ද්‍රිය නො දනිත්ද ... මනින්‍ද්‍රිය නො දනිත්ද, මනින්‍ද්‍රිය සමුදය නො දනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධය නො දනිත් ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද ... දනිත්ද තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
තෙවැනි ඡළින්‍ද්‍රියවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පුනබ්භව, ජීවිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, ඒකබීජී, සුද්ධක, සෝතාපන්න, අරහන්ත, බුද්ධ යි සූත්‍ර අටෙක් ද සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකෙක් ද වෙති යි.
4. සුඛින්‍ද්‍රිය වර්‍ගය
4. 4. 1.
සුද්ධික සූත්‍රය
1715. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 2.
සෝත සූත්‍රය
1716. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි, මේ අරීසවු තෙමේ සිවුඅපායෙහි නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි කියනු ලැබේ යි.
4. 4. 3.
අරහන්ත සූත්‍රය
1717. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත්, ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති සහමුලින් ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.