2. මුදුතර වර්ගය
4. 2. 1.
පටිලාභ සූත්රය
1695. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, සද්ධින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැතියේ වෙයි. ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු අර්හත්හ. සම්මාසම්බුද්ධහ ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ. බුද්ධහ. භගවත්හ යි. තථාගතයන් වහන්සේගේ බුදුබව හදහයි. මහණෙනි, මේ සද්ධින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, විරියින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, සිවුසම්පදහන් ඇරබ යම් වැරක් පිළිලබා නම් මහණෙනි, මේ විරියින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, සතින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, සිවුසීවටන් ඇරබ යම් සිහියක් පිළිලබා නම් මහණෙනි, මේ සතින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, සමාධින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබා නම් සිතේ එකඟකම ලබා නම් මහණෙනි, මේ සමාධින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, පඤ්ඤින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු පැණැතියේ උදයව්යය පිරිසිඳ දන්නා ආර්ය්ය වූ නිර්වේදයට සමත් වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වේ නම් මහණෙනි, මේ පඤ්ඤින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 2. 2.
සඞ්ඛිත්ත සූත්රය
1696. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් රැස්කළ බැවින් පිරූ බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන් හේතු කොට ගෙන අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සද්ධානුසාරී වේ යි.
4. 2. 3.
දුතිය සඞ්ඛිත්ත සූත්රය
1697. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් සවාරෙන් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට චඩා මොළොක් ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ ඉන්ද්රියනානාත්වයෙන් ඵලනානාත්වය ද [ඵලනානාත්වයෙන් පුද්ගලනානාත්වය ද] වේ යි.
4. 2. 4.
තතිය සඞ්ඛිත්ත සූත්රය
1698. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රගත්මඟ කරන්නේ රහත්බව සපයයි. පෙදෙස් වූ යට තුන්මඟ කරන්නේ යට තුන් පල සපයයි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමියි.
4. 2. 5.
විත්ථාර සූත්රය
1699. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන්ගෙන් (ආයු මැද නොයික්මවා) අතර කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු හෙවත් රහත්වනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් (ආයු මැද ඉක්මවා) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ නැති ව (සුවසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ ඇති ව (දුකසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් හෙවත් අවිහයෙහි පටන් සිවුබඹලොව උපදින්නෙක් වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් ගෙන් සද්ධානුසාරී වේ යි.
4. 2. 6.
දුතිය විත්ථාර සූත්රය
1700. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ. මහණෙනි, මෙසේ ඉන්ද්රියනානාත්වයෙන් ඵලනානාත්වය ද ඵලනානාත්වයෙන් පුද්ගලනානාත්වය ද වේ යි.