4. 14. 1-30.
තථාගතාදි සූත්ර
1905-1934. මහණෙනි, අපා වූ හෝ ... යම්තාක් සත්වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(කියන ලද නය අනුව විතර කටයුතු. තිස් සූත්රාන්ත කෙනෙක් දතයුතුවහ.)
තුදුස්වැනි පුනඅප්පමාදවර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යී සූත්ර ත්රික දශයෙකි. මුළුල්ල තිසෙකි යි.
15. පුනබලකරණීය වර්ගය
4. 15. 1-36.
බලාදි සූත්ර
1935-1970. මහණෙනි, යම් කිසි බලකරණිය කර්මාන්තයෝ ... බහුල කෙරේ යි.
(කී නයින් ම විතර කරන්නහු විසින් සතිස් සූත්රාන්ත කෙනෙක් දතයුත්තාහ.)
පසළොස්වැනි පුනබලකරණීයවර්ග යි.
එහි සූත්රනාමාවලි ය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී ත්රික සතෙක් ද මේඝසූත්ර ත්රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්රික තුනෙක් දැ යි ත්රික දොළසෙකි. සූත්ර සතිසෙකි යි.
16. පුනඒසනා වර්ගය
4. 16. 1-120.
එසනාදි සූත්ර
1971-2090. මහණෙනි, මේ ඒසනා තුනෙකි ... වැඩියයුතු යි.
(පෙර කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
සොළොස්වැනි පුනඒසනාවර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
ඒසනා විධා ආසව භව දුක්ඛතා ඛිල මල නීඝ වේදනා තණ්හා යී සූත්ර ද්වාදශක දශයෙකි මුළුල්ල එක්සිය විස්සෙකි යි.
17. පුනඕඝ වර්ගය
4. 17. 1-119.
ඕඝාදි සූත්ර
2091-2209. මහණෙනි, මේ ඕඝ සතරෙකි ... වැඩියයුත්තාහ යි.
4. 17. 120.
උද්ධම්භාගිය සූත්රය
2210. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: “රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා” යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ. කවර පසිඳුරෝ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධින්ද්රිය වඩයි ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤින්ද්රිය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ යි.
(මෙහි දු කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
සතළොස්වැනි පුනඔඝවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්ර ද්වාදශක දශයෙකි. මුළුල්ල එක්සිය විස්සෙකි යි.
ඉන්ද්රියසංයුත්තය නිමි.
එහි වර්ගනාමාවලිය:
සුද්ධක, මුදුතර, ඡළින්ද්රිය වර්ගයෝ සුඛින්ද්රිය ජරාවර්ග දෙක සමග පසෙක් වේ. (නැවත) සූකරඛත, සම්බෝධි, ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝවර්ගයෝ වෙති. ඔහු පුනගඞ්ගාපෙය්යාල ආදි පසත් සමග (ඉන්ද්රියසංයුත්තයෙහි) වර්ග සතළොසෙකි වේ යි.