3. 4. 9.
භාවනා සූත්රය
1217. මහණෙනි, සිවු සීවටන් වැඩීම දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සිවු සීවටන් වැඩීම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන් වැඩීම යි.
3. 4. 10.
විභඞ්ග සූත්රය
1218. මහණෙනි, සතිපට්ඨානයත් සතිපට්ඨාන වැඩීමත් සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙතත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සතිපට්ඨාන කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතිපට්ඨාන යයි කියනු ලැබේ.
මහණෙනි, සතිපට්ඨාන වැඩීම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි හටගැනුම් ස්වභාවය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි වැනසුම් සැහැවි පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවන්හි හටගැනුම් ස්වභාවය අනුව දක්නාසුලු ව ... වෙසේ. වේදනාවන්හි වැනසුම් ස්වභාවය අනු ව දක්නාසුලු ව ... වෙසේ. වේදනාවන්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය අනුව දක්නාසුලු ව ... වෙසේ ... සිත්හි හටගැනුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව ...
වෙසේ. සිත්හි වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව ... වෙසේ. සිත්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව වෙසේ. දහම්හි හටගැනුම් ස්වභාවය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි වැනසුම් ස්වභාවය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතිපට්ඨාන වැඩීමය යි කියනු ලැබේ.
මහණෙනි, සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙත කවරේද යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
සිවුවැනි අනනුස්සුතවර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
අනනුස්සුත, විරාග, විරද්ධ, භාවිත, සතෝ, අඤ්ඤා, ඡන්ද, පරිඤ්ඤාත, භාවනා යන සූත්ර නවය විභඞ්ග සූත්රයෙන් දසයෙක් වේ යි.