3. 4. 5.
සතෝ සූත්රය
1213. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මෙය තොපට අපගේ අනුසාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව … විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ මනා දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහට වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. විතර්කයෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
3. 4. 6.
අඤ්ඤා සූත්රය
1214. මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතර සතිපට්ඨාන වැඩූ බැවින් බහුල කළ බැවින් උභය ඵලයන් ගෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු යි. දිටුදැමියෙහි රහත්බව හෝ උපාදානශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
3. 4. 7.
ඡන්ද සූත්රය
1215. මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට කයෙහි යම් තෘෂ්ණාඡන්දයෙක් වේ නම් එය ප්රහීණ වේ. ඡන්දය ප්රහීණ වීමෙන් නිවන පසක් කරන ලද්දේ වේ. වෙදනාහි ... වේදනායෙහි යම් තෘෂ්ණාඡන්දයෙක් වේ නම් එය ප්රහීණ වේ. ඡන්දය ප්රහීණ වීමෙන් නිවන පසක් කරන ලද්දේ වේ. සිත්හි ... සිත්හි යම් තෘෂ්ණාඡන්දයෙක් වේ නම් එය ප්රහීණ වේ. ඡන්දය ප්රහීණ වීමෙන් නිවන පසක්කරන ලද්දේ වේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට දහම්හි යම් තෘෂ්ණාඡන්දයෙක් වේ නම් එය ප්රහීණ වේ. ඡන්දය ප්රහීණ වීමෙන් නිවන පසක්කරන ලද්දේ වේ යි.
3. 4. 8.
පරිඤ්ඤාත සූත්රය
1216. මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහු විසින් කය පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. කය පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. වේදනාහි ... වේදනාව පිරිසිඳ දන්නා ලද්දී වේ. වේදනාව පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. සිත්හි ... සිත පිරිසිඳ දන්නා ලද්දේ වේ. සිත පිරිසිඳ දත් බැවින් නිවන පසක්කරන ලද්දේ වේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහු විසින් දහම්හු පිරිසිඳ දන්නා ලද්දාහු වෙති. දහම් පිරිසිඳ දත් බැවින් නිවන පසක්කරන ලද්දේ වේ යි.