3. 3. 5.
බ්රාහ්මණ සූත්රය
1203. සැවැත්නුවර:
එකල්හි එක්තරා බමුණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ බමුණු භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය ද? භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය දැ? යි.”
බමුණ, සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වෙයි. බමුණ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: බමුණ, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. බමුණ, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වෙයි. බමුණ, සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ යි. මෙසේ වදාළ කල්හි ඒ බමුණු භාග්යවතුන් වහන්සේ ට මෙය සැලකළේ ය; “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය (මා උවසුවකු කොට දරන සේක්වා)” යි.
3. 3. 6.
පදෙස සූත්රය
1204. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් සාකේතනුවර සමීපයෙහි කණ්ටකී වනයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, සේඛ ය සේඛ ය යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් සේඛ වේ දැ?” යි.
ඇවැත්නි, සිවු සීවටන් පිළිබඳ කොටසක් වැඩූ බැවින් සේඛ වෙයි. කවර සතරක ද? යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවු සීවටන් පිළිබඳ කොටසක් වැඩූ බැවින් සේඛ වේ යි.
3. 3. 7.
සමත්ත සූත්රය
1205. කණ්ටකීවනයෙහි:
ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ ය අසේඛ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් අසේඛ වේ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ. කවර සතරෙක් ද? යත්: ඇවැත්නි, මෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ යි.