3. 3. 10.
මානදින්න සූත්රය
1208. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාස නම් වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි මානදින්න ගැහැවි ගටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි යේ ගිලන් වූයේ වෙයි. එකල්හි මානදින්න ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය ... වහන්ස, මම මෙබඳු දුක්වේදනාවකිනුදු පහස්නා ලද්දෙම් කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනා දැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වහන්ස, යම් මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජන කෙනෙක් භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලදහු නම් වහන්ස, ඔවුනතර අප්රහීණ කිසිවක් තමා කෙරෙහි මම නො ම දක්මි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි. ගැහැවි, තොප විසින් අනගැමිඵලය පවසන ලදැ යි.
තෙවැනි සීලට්ඨිතිවර්ගය යි.
එහි සූත්ර නාමාවලිය:
සීල, ඨිති, පරිහාණ, සුද්ධක, බ්රාහ්මණ, පදෙස, සමත්ත, ලෝක, සිරිවඩ්ඪ, මානදින්නයි සූත්රාන්ත දශයෙකි යි.
4. අනනුස්සුත වර්ගය
3. 4. 1.
අනනුස්සුත සූත්රය
1209. සැවැත්නුවර:
මහණෙනි, මේ කයෙහි කය අනුව දැක්ම ය යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ කයෙහි කය අනුව දැක්ම වැඩිය යුතු ය යි මා විසින් ... මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මේ වේදනාවන්හි වේදනා අනු ව දැක්ම යයි ... මේ සිත්හි සිත් අනුව දැක්ම යයි ... මහණෙනි, මේ දහම්හි දහම් අනුව දැක්ම යයි මා විසින් පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දහම්හි දහම් අනුව දැක්ම වැඩිය යුතු යයි මා විසින් … මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී යයි.
3. 4. 2.
විරාග සූත්රය
1210. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්යපශමය විශිෂ්ටඥානය චතුස්සත්යාවබෝධය නිර්වාණය පිණිස පවතිත්. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්යපශමය විශිෂ්ටඥානය චතුස්සත්යාවබෝධය නිර්වාණය පිණිස පවතිත් යි.