3. 2. 7.
අරිය සූත්රය
1195. මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආර්ය වූ නෛර්ය්යාණික වූ මේ සිවුසීවටන්හු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවත්. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, ආර්ය වූ නෛර්ය්යාණික වූ මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවති යි.
3. 2. 8.
බ්රහ්ම සූත්රය
1196. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි රහසිගත ව විවේකයෙන් යුතුව වැඩවෙසෙන භාග්යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: යම් මේ සිවුසීවටන්හු වෙද් ද; සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ ය. කවර සතරෙක් ද යත්: මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. මහණ වේදනාහි හෝ ... මහණ සිත්හි හෝ ... මහණ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්ම වීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ වේ යි.
එකල්හි සහම්පතී බ්රහ්ම සියසිතින් භාග්යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්කය දැන යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරන්නේ ද; දිගුකළ අතක් හෝ හකුළුවන්නේ ද එසෙයින් ම බඹලොව අතුරුදන් ව භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්රහ්ම උතුරුසඟ එකස් කොට ඇඳිලිබැඳ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ” ය.
“භාග්යවතුන් වහන්ස, මෙය එසේ ය. සුගතයන් වහන්ස, මෙය එසේ ය. වහන්ස, යම් මේ සිවු සීවටන්හු වෙත් නම් සත්ත්වයන්ගේ විසුද්ධියට සෝකපරිදේවයන් ඉක්මවීමට දුක්දොම්නස් දුරු කිරීමට අරිඅටඟිමඟ අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ ය. කවර සතරෙක්ද යත්: වහන්ස, මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, මහණ වේදනාහි හෝ ... වහන්ස, මහණ සිත්හි හෝ ... වහන්ස, මහණ තෙමේ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්වයන්ගේ විසුද්ධියට සෝකපරිදේවයන් ඉක්මවීමට දුක්දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ වේ යි. සහම්පතී බ්රහ්ම මෙය කිය: මෙය කියා යළි මතු ද මෙය කී ය:
නිවන දක්නා වූ හිතානුකම්පා ඇති (භාග්යවතුන් වහන්සේ) එක ම මඟ දන්නාසේක. යම් කෙනෙක් චතුරෝඝය පෙර තරණය කළාහු ද, මතු තරණය කරන්නාහු ද, දැන් තරණය කෙරෙද්ද (ඔහු) මේ මගින් තරණය කළහ. කරන්නාහ. කෙරෙති යි.
3. 2. 9.
සේදක සූත්රය
1197. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සුහ්ම දනව්වෙහි සුහ්මයන්ගේ, සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, පෙර චණ්ඩාලවංශිකයෙක් සැඩොල්හුණගස ඔසොවා “යහළු මේදකථාලිකාවනි, එවු තෙපි සැඩොල්හුණගසට නැඟී මාගේ කඳ මතුයෙහි සිටිවු” යි. මේදකථාලිකා නම් අතැවැස්සා ඇමතී ය.
මහණෙනි, ඇදුර, එසේ ය යි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංශිකයාට පිළිතුරු දී චණ්ඩාලවංසයට නැඟී ඇදුරාගේ කඳමතුයෙහි සිටියේ ය. මහණෙනි, එකල්හි චණ්ඩාලවංසික මේදකථාලිකා අතවැස්සාට මෙය කී ය: යහළු මේදකථාලිකාවනි, තෙපි මා රකිවු. මම තෙපි රකින්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් විසින් ගෝපනය කරන ලද්දමෝ ඔවුනොවුන් විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු. සුවසේ සැඩොල්හුණගසින් ද බසින්නෙමු” යි. මහණෙනි, එසේ කී කල්හි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංසිකයාට මෙය කී ය: ඇදුර, මෙය එසේ නො ම වන්නේ ය. ඇදුර, තෙපි තමා රකිවු. මම ද තමා රක්නෙමි. මෙසේ අපි තමා විසින් ගෝපනය කරන ලද්දමෝ තමා විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු, චණ්ඩාලවංසයෙන් ද සුවසේ බසින්නෙමු” යි.
මහණෙනි, ඇදුර, එසේ ය යි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංශිකයාට පිළිතුරු දී චණ්ඩාලවංසයට නැඟී ඇදුරාගේ කඳමතුයෙහි සිටියේ ය. මහණෙනි, එකල්හි චණ්ඩාලවංසික මේදකථාලිකා අතවැස්සාට මෙය කී ය: යහළු මේදකථාලිකාවනි, තෙපි මා රකිවු. මම තෙපි රකින්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් විසින් ගෝපනය කරන ලද්දමෝ ඔවුනොවුන් විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු. සුවසේ සැඩොල්හුණගසින් ද බසින්නෙමු” යි. මහණෙනි, එසේ කී කල්හි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංසිකයාට මෙය කී ය: ඇදුර, මෙය එසේ නො ම වන්නේ ය. ඇදුර, තෙපි තමා රකිවු. මම ද තමා රක්නෙමි. මෙසේ අපි තමා විසින් ගෝපනය කරන ලද්දමෝ තමා විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු, චණ්ඩාලවංසයෙන් ද සුවසේ බසින්නෙමු” යි.