3. 2. 10.
ජනපදකල්යාණී සූත්රය
1198. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සුහ්මදනව්වෙහි සුහ්මයන්ගේ සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, ජනපදකල්යාණිය යම්සේ ද: මහණෙනි, ජනපදකල්යාණි යයි (ඇසූකෙණෙහි) මහජන සමූහයා රැස්වන්නේ ය. ඒ ජනපදකල්යාණි තොමෝ නැටුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී ගැයුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී වන්නී ය. මහණෙනි, දනවුකලණ නටයි, ගයයි ඇසූ කෙණෙහි බෙහෙවින් ම මහජනසමූහයා රැස්වන්නේ ය. එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, මුවටිට සම කොට පිරුණු මේ තෙල් බඳුන මහාසමූහයා අතරෙන් දනවුකලණ අතරෙන් ගෙන යායුතු. ඔසවා ගත් කඩු ඇති පුරුෂයෙක් පසුපස ලුහුබඳනේ ය. යම් මැ තැනෙක එයින් ස්වල්පයකුදු ඉවතලන්නේ නම් එහි ම තාගේ හිස කපා හෙළන්නේ” යි. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරුෂ තෙමේ ඒ තෙල් බඳුන නො මෙනෙහි කොට බැහැර පමාවට එළඹෙන්නේ ද? වහන්ස, එය නො වේ ම ය.
මහණෙනි, අරුත් දන්වනු පිණිස මා විසින් මේ උපමාවක් කරන ලද. මේ එහි අර්ත්ථ යි: මහණෙනි, “මුවවිට සම කොට පිරුණු තෙල්බඳුනැ” යි කාගියසිහියට මේ නමෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මියයුතු යි: අප විසින් කායගතාසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී යානයක් මෙන් කරන ලද්දී වස්තුවක් මෙන් කරන ලද්දී දැඩිසේ පිහිටුවන ලද්දී පුරුදු කරන ලද්දී මැනවින් අරඹන ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
දෙවැනිනාලන්ද වර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
මහාපුරිස, නාලන්ද, චුන්ද, උක්කචෙල, බාහිය, උත්තිය, අරිය, බ්රහ්ම යන සූත්ර අට ය. සේදක ජනපදකල්යාණි ය යි සූත්ර දශයෙකි.
3. සීලට්ඨිති වර්ගය
3. 3. 1.
සීල සූත්රය
1199. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂ්මත් භද්දතෙරණුවෝ ද පැළලුප්නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති, එකල්හි ආයුෂ්මත් භද්දතෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟි සිටියෝ ආයුෂ්මත් ආනන්දතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්දතෙරණුවන් සමග සතුටුවූහ ... ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්දයෙනි, යම් මේ කුසල්සිල් කෙනෙක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද ද, මේ කුසල්සිල් කුමක් පිණිස භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, භද්දයෙනි, මැනවි මැනවි: ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්රශ්න විමර්ශනය යහපති. ප්රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? ඇවැත්නි, ආනන්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් කුමක් පිණිස භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් සිවුසීවටන් වැඩීම පිණිස භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් මේ සිවුසීවටන් වැඩීම පිණිස ම භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
3. 3. 2.
ඨිති සූත්රය
1200. කුක්කුටාරාමයෙහි:
ඇවැත්නි ආනන්දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි සද්ධර්මය චිරස්ථිතික නො වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය ද? ඇවැත්නි ආනන්දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය දැ යි? ඇවැත්නි,