12. 9. 9.
කුක්කුට සූකර සූත්රය
3931. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් කුකුළුන් හූරන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳය හ. යළි යම් කෙනෙක් කුකුළුන් හා හූරන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 10.
වළවා සූත්රය
3932. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
නවවැනි තතිය ආමකධඤ්ඤ පෙය්යාල වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
නච්චගීත, උච්චාසයන, ජාතරූප, ආමකධඤ්ඤ, ආමකමංස, කුමාරික, දාසිදාස, අජෙළක යන සූත්ර අට හා කුක්කුට සුකර වාළවා සූත්ර දෙක යි සූත්ර දශයෙකි.
10. චතුත්ථ ආමකධඤ්ඤපෙය්යාල වර්ගය
12. 10. 1.
ඛෙත්තවත්ථු සූත්රය
3933. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් කෙත්වතු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. යළි යම් සත්වකෙනෙක් කෙත්වතු පිළිගැන්මෙන් නොවැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ. ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 2.
කයවික්කය සූත්රය
3934. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 3.
දූතෙය්ය සූත්රය
3935. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත්මෙහෙවර කිරීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. යළි යම් සත්වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත් මෙහෙවර කිරීමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 4-6.
තුලාකූටාදි සූත්ර
3936-3938. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් කුළුතුලා - කුළුලොහො - කුළුමිනුමින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් කුළුතුලා - කුළුලොහෝ - කුළුමිනුමින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 7-9.
උක්කෝටනාදි සූත්ර
3939-3941. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්යාත වඤ්චනික ක්රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්යාත වඤ්චනික ක්රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.