12. 9. 5.
ආමකමංස සූත්‍රය
3927. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අමුමස් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් අමුමස් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 6.
කුමාරික සූත්‍රය
3928. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් (විවාහක) ඉතිරි (අවිවාහක) කුමරියන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ඉතිරිකුමරියන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කට යුතුයි.
12. 9. 7.
දාසිදාස සූත්‍රය
3929. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 8.
අජෙළක සූත්‍රය
3930. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 9.
කුක්කුට සූකර සූත්‍රය
3931. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් කුකුළුන් හූරන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳය හ. යළි යම් කෙනෙක් කුකුළුන් හා හූරන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 10.
වළවා සූත්‍රය
3932. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
නවවැනි තතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
නච්චගීත, උච්චාසයන, ජාතරූප, ආමකධඤ්ඤ, ආමකමංස, කුමාරික, දාසිදාස, අජෙළක යන සූත්‍ර අට හා කුක්කුට සුකර වාළවා සූත්‍ර දෙක යි සූත්‍ර දශයෙකි.