12. 8. 8.
බීජගාම සූත්‍රය
3920. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 9.
විකාලභොජන සූත්‍රය
3921. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් විකල් බොජුනෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් විකල් බොජුනෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 10.
විලේපන සූත්‍රය
3922. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩු තැන් පිරවුමට සැරසුමට හේතු වූ කරුණින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩුතැන් පිරවුමට හේතු වූ කරුණින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කට යුතු යි.
අටවැනි දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාණාතිපාත, අදින්නාදාන, කාමෙසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, බීජගාම, විකාලභොජන, විලේපන යි සූත්‍ර දසයෙකි යි.
9. තතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්‍ගය
12. 9. 1.
නච්චගීත සූත්‍රය
3923. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දස්නෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දස්නෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 2.
උච්චාසයන සූත්‍රය
3924. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් උසසුන් මහ අස්නෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් උසසුන් මහ අස්නෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 3.
ජාතරූප සූත්‍රය
3925. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් රන්රිදී මසුකහවණු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳය හ. වැලි යම් සත්‍ව කෙනෙක් රන්රිදී මසුකහවණු පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 4.
ආමකධඤ්ඤ සූත්‍රය
3926. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අමුධාන්‍ය පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍ව කෙනෙක් අමුධාන්‍ය පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 5.
ආමකමංස සූත්‍රය
3927. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අමුමස් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් අමුමස් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.