12. 8. 6.
ඵරුසවාචා සූත්‍රය
3918. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් රළුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් සත්‍ව කෙනෙක් රළුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 7.
සම්ඵප්පලාප සූත්‍රය
3919. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් හිස්බසින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් හිස්බසින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 8.
බීජගාම සූත්‍රය
3920. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 9.
විකාලභොජන සූත්‍රය
3921. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් විකල් බොජුනෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් විකල් බොජුනෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 10.
විලේපන සූත්‍රය
3922. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩු තැන් පිරවුමට සැරසුමට හේතු වූ කරුණින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩුතැන් පිරවුමට හේතු වූ කරුණින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කට යුතු යි.
අටවැනි දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාණාතිපාත, අදින්නාදාන, කාමෙසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, බීජගාම, විකාලභොජන, විලේපන යි සූත්‍ර දසයෙකි යි.