12. 6. 6.
දුතිය පඨවි සූත්‍රය
3898. මහණෙනි, යම්සේ මහපොළොව ඩෙබරඇට පමණ වූ සත්ගුළියක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ යම් සත්ගුලියක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහපොළොවෙහි යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ඉතා මඳ ය. මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එමෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 7.
සමුද්ද සූත්‍රය
3899. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙන් දෙතුන් දියබිඳක් නගන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? නගන ලද, යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ මුහුදෙහි යම් දියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහමුහුදෙහි යම් දියෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳු ඉතා මඳ ය. මහ මුහුදෙහි දිය හා සැසැඳීමෙහි දී නගන ලද දෙ තුන් දියබිඳු ඉතා මඳ ය. මහ මුහුදෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙ තුන් දියබිඳු ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එපරිද්දෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 8.
දුතියසමුද්ද සූත්‍රය
3900. මහණෙනි, යම්සේ මහමුහුද දෙතුන් දියබිඳක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු යම් දියෙක් වේ නම් එය හෝ ඉතිරි වූ දෙතුන් දිය බිඳෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ දෙතුන් දිය බිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙතුන් දිය බිඳු ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එපරිද්දෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 9.
පබ්බතූපම සූත්‍රය
3901. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජහුගේ අබ පමණ වූ පහණසකුරු සතක් බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සතෙක් වේ නම් එය හෝ හිමවත් පවුරජ හෝ දැ යි? වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ නම් හේ ම ඉබෙහෙවි. බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමෙහි දී බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.