12. 6. 2.
පොක්ඛරණී සූත්‍රය
3894. මහණෙනි, යම්සේ අයමින් පනස්යොදුන් වූ විතරින් පනස්යොදුන් වූ ගැඹරින් පනස්යොදුන් වූ මුවවිට සම කොට දියෙන් පිරුණු කවුඩන් විසින් පිය හැකි පොකුණෙක් වේ ද, පුරුෂයෙක් කුසතණඅගින් එයින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? කුසතණඅගින් යම් දියෙක් නගන ලද නම් එය හෝ පොකුණෙහි වූ දිය හෝ දැ යි? වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. කුසතණඅගින් නගන ලද දිය ඉතා මඳ ය. පොකුණෙහි වූ දිය හා සැසඳීමෙහි දී කුසතණඅගින් නගන ලද දිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 3.
සම්භෙජ්ජ සූත්‍රය
3895. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද එක්වෙද්ද, පුරුෂයෙක් එයින් දෙතුන් දියබිඳක් නඟන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? නගන ලද යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ යම් මුසුදියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, යම් මේ (සෙසුනදීන් හා) මුසුදියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳුහු ඉතා මඳයැ. මුසුදිය හා සැසඳීමෙහි දී නගන ලද දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 4.
දුතිය සම්භෙජ්ජ සූත්‍රය
3896. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද, එක්වෙද්ද, දෙතුන් දියබිඳක් තබා ඒ දිය ක්‍ෂය වීමට සිඳීමට යන්නේ නම්, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? ක්‍ෂය වූ සිඳුණු යම් මුසු දියෙක් වේ නම් එය හෝ ඉතිරි වූ යම් දෙතුන් දියබිඳහු වෙත් නම් ඔහු හෝ දැ යි? වහන්ස, ක්‍ෂය වූ සිඳුණු යම් මේ මුසු දියෙක් වේ නම් මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ යම් දෙතුන් දියබිඳහු ඉමඳහ. ක්‍ෂය වූ සිඳුණු මුසුදිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ යම් දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 5.
පඨවි සූත්‍රය
3897. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහපොළොවෙහි ඩෙබරඇට පමණ වූ ගුළි සතක් බහා තබන්නේ නම් මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? ඩෙබරඇට පමණ වූ බහා තබන ලද යම් සත්ගුළියක් වේ නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි? වහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය මැ ඉබොහෝ යි. බහා තබාන ලද ඩෙබාරඇට පමණ වූ සත්ගුළිය ඉතා මඳ යැ. මහපොළොව හා සැසඳීමෙහි දී ඩෙබරඇට පමණ වූ බහා තබන ලද සත්ගුළිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 6. 6.
දුතිය පඨවි සූත්‍රය
3898. මහණෙනි, යම්සේ මහපොළොව ඩෙබරඇට පමණ වූ සත්ගුළියක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ යම් සත්ගුලියක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහපොළොවෙහි යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ඉතා මඳ ය. මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එමෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.