12. 3. 5.
ආසවක්ඛය සූත්රය
3867. මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආස්රවක්ෂය කියමි. නො දන්නහුගේ නො කියමි. නො දක්නහුගේ නො කියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආස්රවක්ෂය වේ ද යත්: මහණෙනි, මේ දුකැ යි දන්නහුගේ දක්නහුගේ ආස්රවක්ෂය වේ. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආස්රවක්ෂය වේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
12. 3. 6.
මිත්ත සූත්රය
3868. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් සිවු අරීසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුතු ය. වැස්වියයුතු ය. පිහිටුවිය යුතු ය. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්ය්යසත්යය ... දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් මේ සිවු අරීසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවියයුතු ය, වැස්වියයුතු ය, පිහිටුවිය යුතුය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
12. 3. 7.
තථ සූත්රය
3869. මහණෙනි, මේ ආර්ය්යසත්ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්ය්යසත්යය, ... දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය” යි. මහණෙනි, මේ ආර්ය්යසත්ය සතර තථ්ය ය, නො වෙනස්වනසුලු ය, අන් පරිදි නො වනසුලු ය. එහෙයින් ආර්ය්යසත්ය යි කියනු ලැබෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
12. 3. 8.
ලෝක සූත්රය
3870. මහණෙනි, මේ අරීසස් සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්ය්යසත්ය ය, ... දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය ය” යි. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජායෙහි තථාගතයන් ආර්ය්යහ. එහෙයින් ආර්ය්යසත්ය යි කියනු ලැබෙත්. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
12. 3. 9.
පරිඤ්ඤෙය්ය සූත්රය
3871. මහණෙනි, මේ ආර්ය්යසත්ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්ය්යසත්ය ය, ... දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය” යි. මහණෙනි, මොහු චතුරාර්ය්යසත්යයෝ යි. මහණෙනි, මේ චතුරාර්ය්යසත්යයන් අතුරෙන් පිරිසිඳ දතයුතු ආර්ය්යසත්යයෙක් ඇත. ප්රහාණ කළයුතු ආර්ය්යසත්යයෙක් ඇත. සාක්ෂාත් කටයුතු ආර්ය්යසත්යයෙක් ඇත. වැඩියයුතු ආර්ය්යසත්යයෙක් ඇත. මහණෙනි, පිරිසිඳ දත යුතු ආර්ය්යසත්යය කවරෙ යත්: මහණෙනි, දුක්ඛාර්ය්යසත්යය පිරිසිඳ දතයුතු ය. දුක්ඛසමුදයාර්ය්යසත්යය ප්රහාණය කළ යුතු ය. දුක්ඛනිරෝධාර්ය්යසත්යය සාක්ෂාත් කටයුතු ය. දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය වැඩියයුතු ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක් වැළකීමට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
12. 3. 10.
ගවම්පති සූත්රය
3872. එක්කලෙක බොහෝ ස්ථවිර භික්ෂූහු වෙති දනව්වෙහි සහජාතිභූමියෙහි වෙසෙත්. එකල පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව හුන් ස්ථවිර භික්ෂූන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යමෙක් දුක්ඛය දකී ද, හෙතෙම දුක්ඛ සමුදයත් දකී. දුක්ඛනිරෝධයත් දකී. දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දකී” යි.
මෙසේ කී කල්හි ඇවැත් ගවම්පති තෙරණුවෝ මහණුන්හට මෙය කීහ: “ඇවැත්නි, මෙය මා විසින් භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී, හමුවෙහි පිළිගන්නා ලදී.” “මහණෙනි, යමෙක් දුක දකී ද, හේ දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක්හේතුව දකී ද, හේ දුකත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්ම දකී ද, හේ දුකත් දකී. දුක් හේතුවත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්මට පමුණුවන පිළිවෙත දකී ද, හේ දුකත් දකී. දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී” යි.
තෙවැනි කෝටිගාමවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
කොටිගම සූත්ර දෙකෙකි, අභිසම්බුද්ධ, අරහන්ත, ආසවක්ඛය, මිත්ත යී සතරෙකි. තව ද තථ ලෝක පරිඤ්ඤෙය්ය ගවම්පති යී සතරෙක් දැ යි මුළුල්ල දශයෙකි යි.