12. 2. 3.
ඛන්ධ සූත්රය
3855. මහණෙනි, මේ ආර්ය්ය සත්ය සතරෙකි. කවර සතරෙක යත්: දුක්ඛාර්ය්යසත්ය ය, දුක්ඛසමුදයාර්ය්යසත්ය ය, දුක්ඛනිරෝධාර්ය්යසත්ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය යි. මහණෙනි, දුක්ඛාර්ය්යසත්යය කවර යත්: පස් උපාදානස්කන්ධයෝ ය යි එයට කියයුතු. කවර පසෙක යත්: එනම් “රූපෝපාදානස්කන්ධ ය, වේදනෝපාදානස්කන්ධ ය, සංඥෝපාදානස්කන්ධ ය, සංස්කාරෝපාදානස්කන්ධ ය, විඥානෝපාදානස්කන්ධ ය” යි. මහණෙනි, මේ දුක්ඛාර්ය්යසත්යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදයාර්ය්යසත්යය කවර යත්: පුනර්භවය ඇති කරන නන්දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්ය්යසත්යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධාර්ය්යසත්යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාග නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්ය්යසත්යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය කවර යත්: මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය මැ යි. එනම්: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය යි කියනු ලැබේ. මහණෙනි, මොහු චතුරාර්ය්යසත්යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුකැ යි වීර්ය්ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්ය්ය කටයුතු යි.
12. 2. 4.
ආයතන සූත්රය
3856. මහණෙනි, මේ ආර්ය්යසත්යය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්ය්යසත්යය ... දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය ය” යි. මහණෙනි, දුක්ඛාර්ය්යසත්යය කවර යත්: අධ්යාත්මික ෂඩායතනයෝ යයි එයට කියයුතු. කවර ෂඩායතනයෝ යැ යත්: “චක්ඛායතන සෝතායතන ඝානායතන ජිව්හායතන කායායතන මනායතන” යි. මහණෙනි, මේ දුක්ඛාර්ය්යසත්යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදයාර්ය්යසත්යය කවර යත්: පුනර්භවය ඇති කරන නන්දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇලුම් ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: “කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා” යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්ය්යසත්යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධාර්ය්යසත්යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්ය්යසත්යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය කවර යත්: මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්යසත්යය යි කියනු ලැබේ. මහණෙනි, මොහු චතුරාර්ය්යසත්යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්ය්ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්ය්ය කටයුතු යි.
12. 2. 5.
ධාරණ සූත්රය
3857. මහණෙනි, මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි තෙපි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, මම භාග්යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි” යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ” යි. “වහන්ස, මම භාග්යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්ය්යසත්යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි.