12. 10. 10-15.
ඡෙදනාදි සූත්ර
3942-3947. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්ය්යසත්ය නුදුටු බැවිනි. කවර චතුරාර්ය්යසත්යයක යත්: දුඃඛාර්ය්යසත්යය, දුඃඛසමුදයාර්ය්යසත්යය, දුඃඛනිරෝධාර්ය්යසත්යය දුඃඛනිරොධගාමිනීප්රතිපදාර්ය්යසත්යය යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛසමුදය”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛනිරෝධ”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්ය්ය කටයුතු යි.
දශවන චතුත්ථ ආමකධඤ්ඤ පෙය්යාල වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
ඛෙත්තවත්ථු, කයවික්කය, දූතෙය්ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කෝටන, වඤ්චන, නිකති, ඡේදන, වධ, බන්ධන, විපරාමෝස, ආලෝප, සාහස යි පසළොස් සුතුරු කෙනෙකි යි.
11. පඤ්චගතිපෙය්යාල වර්ගය
12. 11. 1.
මනුස්සචුති සූත්රය
3948. එකල්හි භාග්යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද කිමෙක් ඉබොහෝ ද මවිසින් යම් මේ පස්බිඳෙක් නියසිළෙහි නඟන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ” යි? “වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද මේ පස්බිඳ ඉතාමඳ ය. භාග්යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමටද නො පැමිණේ”. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, සිවු අරීසස් නුදුටු බැවිනි, කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්ය්යසත්යය ... දුඃඛ නිරොධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කට යුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කට යුතු යි.
12. 11. 2.
දෙවන මනුස්සචුති සූත්රය
3949. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ . යළි යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුතවූවාහු තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත් ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 3.
තෙවන මනුස්සචුති සූත්රය
3950. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්වයෝ මඳයහ . වැළි යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුතවූවාහු ප්රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 4.
සිවුවන මනුස්සචුති සූත්රය
3951. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිස් ලොවින් ච්යුතවූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් ච්යුතවූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්ය කටයුතු යි.