12. 10. 1.
ඛෙත්තවත්ථු සූත්රය
3933. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් කෙත්වතු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. යළි යම් සත්වකෙනෙක් කෙත්වතු පිළිගැන්මෙන් නොවැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ. ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 2.
කයවික්කය සූත්රය
3934. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 3.
දූතෙය්ය සූත්රය
3935. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත්මෙහෙවර කිරීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. යළි යම් සත්වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත් මෙහෙවර කිරීමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 4-6.
තුලාකූටාදි සූත්ර
3936-3938. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් කුළුතුලා - කුළුලොහො - කුළුමිනුමින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් කුළුතුලා - කුළුලොහෝ - කුළුමිනුමින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 7-9.
උක්කෝටනාදි සූත්ර
3939-3941. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්යාත වඤ්චනික ක්රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්යාත වඤ්චනික ක්රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 10. 10-15.
ඡෙදනාදි සූත්ර
3942-3947. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්ය්යසත්ය නුදුටු බැවිනි. කවර චතුරාර්ය්යසත්යයක යත්: දුඃඛාර්ය්යසත්යය, දුඃඛසමුදයාර්ය්යසත්යය, දුඃඛනිරෝධාර්ය්යසත්යය දුඃඛනිරොධගාමිනීප්රතිපදාර්ය්යසත්යය යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛසමුදය”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛනිරෝධ”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්ය්ය කටයුතු යි.
දශවන චතුත්ථ ආමකධඤ්ඤ පෙය්යාල වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
ඛෙත්තවත්ථු, කයවික්කය, දූතෙය්ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කෝටන, වඤ්චන, නිකති, ඡේදන, වධ, බන්ධන, විපරාමෝස, ආලෝප, සාහස යි පසළොස් සුතුරු කෙනෙකි යි.