10. 2. 9.
අද්ධාන සූත්රය
3767. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අදන් පිරිසිඳ දැනීම පිණිස පවතී යි.
10. 2. 10.
ආසවක්ඛය සූත්රය
3768. මහණෙනි, ආනාපානසතිසමාධිය ... ආස්රවක්ෂය පිණිස පවතී යි.
(මේ තුන් සුතුර ද සංයෝජන සුතුර මෙන් විතර කටයුතු.)
දෙවැනි ආනන්ද වර්ග යි.
එහි සූත්රනාමමාලාව:
ඉච්ඡාඞ්ගල සඞ්ඛෙය්ය යී දෙසුතුරෙකි. ආනන්ද නමින් අනෙක් සුතුරු දෙකෙකි. භික්ඛු නමිනුදු සුතුරු දෙකෙකි. සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.
අනාපානසංයුත්තය නිමියේ ය.
එහි වර්ග නාමාවලිය:
ධර්මස්වාමි මුනීන්ද්රයන් වහන්සේ විසින් අනාපානසංයුත්තයෙහි ඒකධම්ම, ආනන්ද යි වර්ග දෙකෙක් ම මැනවින් දේශනා කරණ ලද යි.